Friday, May 3, 2024

General line - 0115112241

අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප‍්‍රදානුකූලව ජනාධිපති වෙත පිළිගන්වයි




මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප‍්‍රදානුකූලව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (11) සිදු කෙරුණා. 

ඒ ජනාධිපති නිල නිවසේදීයි. සංස්කෘතික අමාත්‍ය එස් බී නාවින්න සහ අමාත්‍යංශ ලේකම් ඩි ස්වර්ණපාල යන අය විසින් චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ද එක්ව සිටියා.