Friday, May 3, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියාට අල්ලස් දුන් කාන්තාවක් අත්අඩංගුවට




පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබා දුන් බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් විසින්. 

හෙරෝයින් මිලි ග‍්‍රෑම් සියයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකු මාකොල ප‍්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනා. 

ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්නකිරීම්වලදී ජාවාරමට සම්බන්ධ ඔහුගේ අනියම් බිරිඳ සහ පහලොස් හැවිරිදි දියණිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකාරියන් පසුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් විමර්ශන කරමින් සිටින අතරවාරයේ දී පොලිස් ස්ථානයට පැමිණි ප‍්‍රධාන සැකකරුගේ සහෝදරියක් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ලබා දීමට සූදානම් බව ප‍්‍රකාශ කර ඇති බවයි පොලිසිය පවසන්නේ. 

ඉන් ලක්ෂ දෙකහමාරක අල්ලස් මුදලක් එම අවස්ථාවේදීම ලබා දී තිබෙනවා. 

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.