Friday, May 3, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු යළි රිමාන්ඞ්




ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඞ් සිද්දික් නැමැත්තා අපේ‍්‍රල් මස 25 වැනිදා දක්වා අද (11) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරියගේ නියෝගයකට අනූවයි. 

සැකකරු සම්බන්ධයෙන් මුදල් විශූද්ධිකරණ පනත යටතේ සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. 

සැකකරු ඉකුත් 2015 වසරේ මාර්තු 18 වැනිදා පකිස්තානයේ දී අත්අඩංගුවට ගැණුනා.