Friday, May 3, 2024

General line - 0115112241

බගවන්තලාවෙන් මැණික් ඉල්ලමක් මතුවෙයි




බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ පහත් බිමක ඇළ මාර්ගයක් කැපීමේදී හමුවූ මැණික් ඉල්ලම් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ බගවන්තලාව පොලිසියේ මැදිහත්වීමෙන් එය සිදුවූ බවයි. 

වැසි දිනවල දී ඇළ මාර්ගය පිටාර ගැලීම නිසා බැකෝ යන්ත‍්‍රයක් යොදා ගනිමින් ඇළ මාර්ගය පුළුල් කිරීම සිදුකර තිබෙනවා. 

එම අවස්ථාවේදී එම මැණිල් ඉල්ලම මතු වුණා. 

කෙසේ වෙතත් ජාවාරම්කරුවන් පිරිසක් පැමිණ ඉල්ලම් රැගෙන යාමට උත්සහ දරා තිබෙනවා.

පසුව පොලිස් ආරක්ෂාව යොදවා මැණික් ඉල්ලම් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.