Friday, May 3, 2024

General line - 0115112241

නවක වද සිද්ධියේ සිසුන් පෙබරවාරියේ සිට තවමත් රිමාන්ඩ්




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  නවක වධ සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක අද (11) නියෝග කළා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස්  නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට  සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ මෙම සිසුන් පෙබරවාරි 20 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ පසුවනවා.