Monday, May 6, 2024

General line - 0115112241

ගතවූ පැය 24 වැඩිම වර්ෂාපතනය ගාල්ලට




ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ති‍්‍රක්කයේ පෝද්දිවෙල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. 

එහි අගය මිලිමීටර් 128 යි දශම 9 ක්. 

පොළවට ආසන්නයේ වායුගෝලයේ සුළං නිශ්චිතව පැවතීම හෝ නිශ්චිත දිශාවකින් තොරව හැමීම ගතවූ පැය 24 තුළ සිදුවූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල ගතවු පැය විසි හතරේ සැලකිය යුතු වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. 

උතුරු සහ නැගෙනහිර පළාත් හැර සෙසු ප‍්‍රදේශවලින් වැසි වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.