Monday, May 6, 2024

General line - 0115112241

දෙනියාය ප‍්‍රදේශයේදී ගිලන් රථයක නිවුන් දරු උපතක්




අලූත් අවුරුද්ද උදාවී පැය කිහිපයකට පසු දෙනියාය ප‍්‍රදේශයේදී ගිලන් රථයක් තුළ නිවුන් දරු ප‍්‍රසූතියක් සිදුව තිබෙනවා. 

අද (14)  පෙරවරු හතට පමණ දෙනියාය සුව සැරිය හදිසි ප්‍රතිකාර අංශයට ලද දුරකථන ඇමතුමකින් කියවී තිබුනේ අනිලකන්ද ප්‍රදේශයේ ගැබිණි කාන්තාවක් දරු ප්‍රසූතියට ආසන්න වී ඇති බවටයි. 

දුරකථන ඇමතුමට අනුව සුව සැරිය හදිසි ප්‍රතිකාර අංශයෙන් ගිලන් රථයක් අනිල්කන්ද ප්‍රදේශයට යොමුකර තිබෙනවා.

ගැබිණි කාන්තාව සමඟ ගිලන් රථයේ වෛද්‍ය තාක්ෂණ නිළධාරිනියක් ද එහි සිට ඇති අතර ඇයගේ ද සහාය ඇතිව කාන්තාව , පළමු දරුවා ගිලන් රථය තුළම බිහි කර තිබෙනවා. 

ඇය දෙවන දරුවා බිහිකර ඇත්තේ ගිලන් රථය දෙනියාය මූලික රෝහල් පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුවයි.

19 90 අමතා සුව සැරිය ගිලන් රථ සේවය ලබාගැනීමට ඔබටත් හැකියි.