Monday, May 6, 2024

General line - 0115112241

සරසවි සිසුන් කොළඹදී උද්ඝෝෂණයක - මව්පියන් කැවිලි පෙවිළි රැගෙන අට්ටාලවල




සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ ප‍්‍රධාන චාරිත‍්‍ර අදට යෙදී තිබුණත් ඇතැම් පිරිස් අදත් උද්ඝෝෂණ සහ වැඩවර්ජනවල නිරත වුණා. 

සරසවි සිසුන් එම එක් පිරිසක්. මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් පා ගමනකින් පැමිණ කොළඹ කොටුව ප‍්‍රදේශයේදී ඔවුන් උද්ඝෝෂණයක නිරත වුණා. 

තමන්ගේ මෙම විරෝධතාවට පොලීසියෙන් බාධා කිරීම්ද සිදුවූ බවයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර කියාසිටියේ.

මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව සහ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ තවත් ගැටලූ කිහිපයකට විසදුම් ඉල්ලා සරසවි සිසුන් ස්ථාන 6 කදි සත්‍යග‍්‍රහවලද නිරත වනවා. 

ඒ, රජරට වෛද්‍ය පීඨය, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කොළඹ වෛද්‍ය පීඨය, රාගම හා කරාපිටිය යන ශික්‍ෂණ රෝහල් ඉදිරිපිටදී සහ පේරදෙණිය ගලහ හන්දියේදීයි. 

මෙලෙස සත්‍යග‍්‍රහයේ නිරත වන සරසවි සිසුන්ගේ මව්පියන්ද අද ඔවුන් රැදී සිටින අට්ටාල වෙත පැමිණ තිබෙනවා. 

ඒ, සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ චාරිත‍්‍රා ඉටු කිරීම සදහා කැවිලි පෙවිලිද රැගෙනයි. 

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර ඒ පිළිබදවද කරුණු දැක්වුවා.