Monday, May 6, 2024

General line - 0115112241

අමෙරිකාව ලොව විශාලතම බෝම්බය ඇෆ්ගනිස්ථානයට දමයි - අයි එස් සටන්කාමීන් 36 ක් මරුට (VIDEO/PHOTOS)




අමෙරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප‍්‍රදේශයට හෙළන ලද අධිබල බෝම්බයෙන් අයි එස් සටන්කාමීන් 36 දෙනෙකු මියගොස් තිබෙනවා. 

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශකයෙකු බී බී සී ලෝක සේවයට පවසා ඇත්තේ අයි එස් සන්ද්ධ කණ්ඩායමේ අණදෙන්නා ලෙස කටයුතු කළ සේදික් යාර්ද මියගිය අය අතර වන බවයි. 

අයි එස් සටන්කාමීන් විසින් භාවිත කෙරුණු මීටර් 300 ක් පමණ දිගකින් යුත් භූගත උමං ජාලයක්ද මෙම අධිබල බෝම්බයෙන් විනාශ වී තිබෙනවා. 

විදෙස් ප‍්‍රවෘත්ති සේවා මෙම අධිබල බෝම්බය හදුන්වාදී ඇත්තේ සියලූ බෝම්බවල මව ලෙසයි. 

මෙතරම් බලගතු න්‍යෂ්ටික නොවන බෝම්බයක් අමෙරිකානු හමුදාවන් විසින් භාවිත කරන ලද පළමු අවස්ථාවද මෙය වනවා.