Monday, May 6, 2024

General line - 0115112241

අගමැති රනිල් වියට්නාමයේ සංචාරයකට සැරසෙයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන 16 වනදා වියට්නාමයේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි. 

එරට අග‍්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆුගේ ආරාධනයක් අනුව මෙම සංචාරය සිදු කෙරෙන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය කියාසිටියා.

ලබන 19 වනදා අග‍්‍රාමාත්‍යවරයා වියට්නාමයේ රැදී සිටීමට නියමිතයි. 

එරට ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට අග‍්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වනවා. 

දෙරට අතර සබදතා තහවුරු කිරීම, වෙළද, ආර්ථික, කාර්මාන්ත ආදි ක්‍ෂේත‍්‍රවල නව සබදතා ඇති කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි.