Saturday, May 4, 2024

General line - 0115112241

හිස තෙල් ගෑමේ නැකැත උදාවෙයි (UPDATE)




උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය රට පුරා අද (15) සිදු කෙරුණා. ඒ, අද පෙරවරු 11.04 ට යෙදුණු සුබ මොහොතින්.

නෙත් එෆ් එම් රේඩියෝව මෙම චාරිත‍්‍රය ඉටුකළේ කිරිබත්ගොඩ, නාතුඩුව, ශී‍්‍ර නන්දාගිරි විහාරස්ථානයේදියි.

හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය අද පැවැත්වුණේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ‍්‍රයේදීයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

සුබ නැකතේදී මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ හිසතෙල් ගැල්වුයේ සෙත්පිරිත්ද සඡ්ඡායනා කරමින්.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේදීද හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය අද ඉටු කෙරුණා. රටපුරා තවත් වෙහෙර විහාරස්ථාන බොහොමයකද එම චාරිත‍්‍රය ඉටු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

-------------------------------

හිස තෙල් ගැමේ නැකැත අද පෙරවරුවේ

(15-04-2017 06:13)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය අද (15) යෙදී තිබෙනවා. නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ අද පූර්ව භාග 11.04 ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත්ද පයට කරදපත්ද තබා නුගපත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කළයුතු බවයි. 

ආයුෂ වර්ධනය කර ගැනීමටත් නිරෝගීව ජීවත්වීමටත් මෙම චාරිත‍්‍රය වැදගත් වන බව සමාජගත මතය වනවා. 

රටපුරා බොහෝ වෙහෙර විහාරස්ථානවල නැකතට හිසතෙල් ගෑමේ උත්සව සංවිධාන කර තිබෙනවා.  

වෙනත් වසරවලදී මෙන්ම මෙවරත් කෝට්ටේ රාජමහා විහාරයේදීද එම චාරිත‍්‍රය අද ඉටු කෙරෙන බවයි එහි දායක සභාවේ ප‍්‍රධාන සංවිධායක දයානන්ද සිල්වා කියාසිටියේ.

නැකැතට හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැවැත් වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදීයි.