Monday, May 6, 2024

General line - 0115112241

නෑ ගම් යන්නත් ගම්බිම් බලා ගිය අයට ආපසු එන්නත් බස් සූදානම්




සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යන මගීන්ට සහ ගම්බිම් බලා ගිය මගීන්ට නැවත නගර වෙත පැමිණීම සඳහා අද (15) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ශී‍්‍රලංගම පවසනවා.

එහි ප‍්‍රධාන මෙහෙයුම් අධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ මේ දිනවල වඩාත් මගී ප්‍රවාහන පහසුකම් අවශ්‍ය කුමන පළාත්වල කුමණ මාර්ග සඳහාදැයි සිය මණ්ඩලය අත්දැකීමෙන් දන්නා බවයි. ඒ අනුව අවශ්‍ය බස් රථ යොමු කිරීම් සිදු කෙරෙන බවත් සඳහන් කළා.

විශේෂ සේවා සඳහා සූදානම් කර ඇති අතිරේක බස්රථ පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා. එහිදී ඔහු සඳහන් කළේ කොළඹ ප්‍රාදේශීයව ස්ථානගත වී ඇති බස් රථ මේ වන විට දිවයින පුරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

විශේෂ සේවා සැපයීමට පෞද්ගලික බස් හිමියන්ගේ ඇති සූදානම පිළිබඳ නෙත් නිවුස් විමසා බැලීමක් කළා. එහිදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කලේ අද දිනයේදී 50% ක බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු කරමින් ඇති බවයි.

පෞද්ගලික බස්රථ ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත්තේ බොහෝ විට ලබන සදුදා සිට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.