Saturday, May 4, 2024

General line - 0115112241

ආචාර්ය ජගත් විජේනායක අභාවප්‍රාප්ත වෙයි




මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර ආචාර්ය ජගත් විජේනායක මහතා ඊයේ (14) දහවල් අභාවප‍්‍රාප්ත වුණා. 

ඒ, රාගම ශීක්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. 

අභාවප‍්‍රාප්ත ජගත් විජේනායක මහතාගේ දේහය මහජන ගෞරවය සදහා බොරැල්ල ජයරත්න මල්ශාලවේ අද (15) උදෑසන සිට තැන්පත් කර තිබෙනවා.

අවසන් කටයුතු හෙට (16) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

අභාවප‍්‍රාප්ත ආචාර්ය ජගත් විජේනායක මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන මහජන අදහස් විමසීමේ කොමිසමේ සභාපති ලාල් විජේනායකගේ සහෝදරයෙකු ද වනවා.

ප්‍රකට ගණකාධිකරන දේශකයෙකු වූ ඒ මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකටද දායකත්වය ලබා දී තිබෙනවා. අම්මාවරුනේ සහ විදු ඒ අතරින් කිහිපයක්.

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකුද වූ ඒ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.

ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කළේ අමෙරිකාවේදී සහ කැනඩාවේදී යි.