Saturday, May 4, 2024

General line - 0115112241

මීතොටමුල්ල කුණු කන්දේ අනතුර බලන්න එන්න එපා




කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් අවතැන් වූ පිරිස් ආරක්‍ෂිත ස්ථාන කිහිපයක රඳවා සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම්ද නොඅඩුව සපයන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.

කසල කන්දට යටවූ පිරිස් තවත් සිටිය හැකි බවට විශ්වාස කෙරෙනවා. ඔවුන් බේරා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේද සහායෙන් තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මෙම ආපදා තත්ත්වය නැරඹීම සඳහා මීතොටමුල්ල ප‍්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය සෙසු මහජනතාවගෙන් නැවත ඉල්ලා සිටිනවා.

අදාළ නොවන පිරිස් එහි පැමිණීම සහන සේවා සහ බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වන බවයි පොලීසිය වැඩිදුරටත් කියාසිටියේ.