Saturday, May 4, 2024

General line - 0115112241

අවුරුදු අනතුරු අඩුයි




මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවේදී සිදුවූ අනතුරු සංඛ්‍යාව පෙර වසරට සාපේක්‍ෂව කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.

කෙසේවෙතත් අනතුරුවලට ලක්වූවන් තුන්සිය අනූ දෙනෙකු ඉකුත් දින දෙක ඇතුළත ප‍්‍රතිකාර සඳහා පැමිණි බවයි කොළඹ ජාතික රෝහල පවසන්නේ.

මේ අතර පොලිස් වාර්තාවන්ට අනුව ඊයේ (14) දිනයේ සිදුවූ රිය අනතුරවලින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුර සිදුව ඇත්තේ මිනුවන්ගොඩ, පදියතලාව, කින්නියා, හිනිදුම, රිදීමාලියද්ද සහ අවිස්සාවේල්ල යන පොලිස් වසම්වලයි.