Saturday, May 4, 2024

General line - 0115112241

IPL සටනේ මුම්බායි ඉන්දියන්ස් පෙරමුණ ගනී




අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගවලින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වී සිටිනවා.

ඒ, තරග හතරකට සහභාගි වී ඒවායින් තුනක් ජය ගනිමින්.

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවායි.

කොල්කටා නයිට්රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ කිංස්ලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් මේ දක්වා තරග දෙක බැගින් ජයගෙන තිබෙනවා. 

මේ අතර මෙම තරගාවලියේ තවත් තරග දෙකක් අද (15) පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

අනෙක් තරගය පැවැත්වෙන්නේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් අතරයි.