Saturday, May 4, 2024

General line - 0115112241

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම ගැන ලොකු සැකයක් - විශේෂඥ කණ්ඩායම් කැඳවා පරීක්ෂණ අරඹයි




මීතොටමුල්ල කුණු කන්දේ කඩා වැටීම පිළිබඳව මේ වන විට සැක මතුව තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම සිදුවීම ස්වභාවික ආපදාවක්ද නොඒසේනම් යම් පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කෙරෙන බවයි.

මීතොටමුල්ල කුණු කන්දේ කඩා වැටීම පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂ විශේෂඥ කණ්ඩායමක් කැඳවීමටත් මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ 10 දෙනෙකු සහ පතල් හා කැණීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඇතුළත්.

මේ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක්ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

තවද අනතුරෙන් සිදුව ඇති මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක්ද කැඳවා තිබෙනවා.

විපතට පත්වූවන්ගේ දේපළ ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද ප්‍රදේශයේ අනියුක්ත කර තිබෙනවා.