මීතොටමුල්ල කුණු කන්ද අවට අවදානම් සහිත ස්ථානවල රැඳී සිටින ජනතාව කඩිනමින් ඉන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ ඔවුනට මාසික දීමනාවක් ලබා දීමට ද තීරණය කෙරුණු බවයි.
එමෙන්ම මින් ඉදිරියට මීතොටුමුල්ල ප්‍රදේශයට කැළි කසල බැහැර නොකිරීමට ද රජය තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව තාවකාලිකව කැලිකසල බැහැර කිරීම සඳහා දොම්පේ සහ තවත් ප්‍රදේශයක් වෙන් කර ඇති බවද සඳහන් කෙරුණා.
කසළ කන්ද කඩා වැටීමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳ අද (15) පැවැති සාකච්ඡාවේදී තවදුරටත් තීරණය කෙරුණේ මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමටයි.
මේ අතර රට පුරා අවුරුදු උත්සව පැවැත්වෙන අවස්ථාවක මෙම අනපේක්ෂිත ව්‍යවසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහා ගෙන ඊට උපරිම දායකත්වය ලබා දෙමින් ආපදා සහන ක්‍රියාවලියට මැදිහත් වන ලෙසද රාජය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා.