මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් අවතැන් වූ ජනතාවගේ නිවාසවල බඩු භාණ්ඩ සොරකම් කිරීම සඳහා පැමිණි 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ අද (15) අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවයි.
එසේම භාණ්ඩ ආරක්ෂිත ස්ථානවල තැබීමට අවතැන්වූ ජනතාවට අවශ්‍ය සහය ලබාදීමට ද කටයුතු කරන බව ද ඔහු පෙන්වා දුන්නා.