Sunday, September 22, 2024

General line - 0115112241

කුණු කන්දේ ගැටළුව නොවිසඳුනු හේතුව හිටපු ජනපති කියයි




මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් සභා අතර කඹ ඇදිල්ල හේතුවෙන් මීතොටමුල්ල කුණු කන්දේ ගැටළුව විසඳීමට නොහැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

තංගල්ලේ කාල්ටන් නිවසේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ගැටළුවට විශාල ප‍්‍රමාණයේ ව්‍යාපෘති ආරම්භ කරනවාට වඩා ස්ථීර විසදුම් ලබා දීම සාර්ථක බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම ජනතාවට ජීවත්වීම සඳහා අවශ්‍ය යහපත් පරිසරයක නිවාස ගොඩනැගීම ආණ්ඩුවේ වගකීමක් බවද සඳහන් කළා.