Wednesday, May 15, 2024

General line - 0115112241

කසල කන්ද කඩා වැටීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය භාරගත යුතුයි




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් වැඩි වගකීමක් නාගරික සංවර්ධන අධිකාරිය භාර ගත යුතු බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා.

ඔහු කියා සිටියේ කැළි කසල සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පළාත් පාලන අයතනවලට සහ පළාත් සභාවලට බවයි.

එහෙත් නාගරික සංවර්ධන අධිකාරිය ඊට අනවශ්‍ය අතපෙවීමක් සිදු කරන බව ද ඔහු පෙන්වා දුන්නා. 

මීතොටමුල්ල කසල කන්ද ඉවත් කිරීමට බස්නාහිර පළාත් සභාව මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කළ බව ද බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එහෙත් නාගරික සංවර්ධන අධිකාරියේ සහය නොලැබීමෙන් එම යෝජනාව ද යටපත් වූ බවයි ඔහු සිහිපත් කළේ.