Sunday, September 22, 2024

General line - 0115112241

කුණු කන්දේ චෝදනාවට පාඨලී උත්තර දෙයි




කසල කළමනාකරණය සඳහා විධිමත් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට නොහැකිවී ඇත්තේ මහජන විරෝධතා නිසා බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට එල්ලවන චෝදනා පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඔහු ඒ බව පැවසුවා. 

කොළඹ කුණු අපිට එපා යන සටන් පාඨයට කළ හැකි එකම දේ මෙය පමණක් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් කොළඹ නගරයේ කසල නැවත මීතොටමුල්ලට බැහැර නොකිරීමට තීරණයකර ඇතැයි ද අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවා.

මේ අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පැවැත්වීමට නියමිතයි.

කොළඹ කැළිකසල බැහැර කිරීම සඳහා තෝරාගත් විකල්ප ස්ථාන සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා කෙරෙණු ඇතැයි විශ්වාසය පළ වනවා.