විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කුරුඳුවත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාව සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදීයි.
සැකකරුවන් සතුව තිබී විදේශීය මත්පැන් බෝතල් 182ක් සොයා ගැණුනා.
ඔවුන් නීති විරෝධි ලෙස මෝටර් රථයකින් මෙම මත්පැන් බෝතල් තොගය ප්රවාහනය කරමින් සිටි බවයි නාවික හමුදාව සඳහන් කළේ.
සැකකරුවන් සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.