මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිතව බේරා ගැනීිමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙනවා.
එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ මෙහෙයුම්වල නිරත හමුදා සාමාජිකයින් ඇතුළු පිරිස්වලට පැළඳීම සඳහා විශේෂ මුව ආවරණ ද ලබාදී ඇති බවයි.
මෙම ප්‍රදේශයේ වායුගෝලයේ මීතේන් වායුවේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇතැයි ජපාන තාක්ෂණික කණ්ඩායම ලබාදුන් නිර්දේශ මීට හේතුවී තිඛෙනවා.
මීට අමතරව මෙහෙයුම්වල නිරත පිරිස් හැර සෙසු පිරිස්වලට කසල කන්ද ආසන්නයට පැමිණීම සිීමා කිරීමට ද කටයුතු කර ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
මීතොටමුල්ල කසල කන්ද නැවත වරක් කඩා වැටීම වළක්වාලීමට ද පියවර ගෙන තිඛෙනවා.
ඒ අනුව සුන්බුන් ඉවත් කළ කොටසේ ස්ථර තුනක් ලෙස ඉදි කළ වැටි මත පොලිතීන් එළීම අද ආරම්භ කෙරුණා.
විශේෂ තොරතුරු මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යන කොලොන්නාව ශ්‍රී රාහුල විද්‍යාලයේ පිරිසිදු කිරීම් හා පිළිසකර කිරීම් ද හමුදාවන් විසින් අද ආරම්භ කෙරුණු බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
දෙවන පාසල් ආරම්භ වීමට දින ආසන්න වී තිබීම මීට හේතු වී තිඛෙනවා.