Sunday, September 22, 2024

General line - 0115112241

බදුල්ල, අළුගොල්ල රක්‍ෂිතයේ හටගත් ගින්න පැය 8 ක මෙහෙයුමකින් පාලනය කෙරේ




බදුල්ල නගරයට ඉහළින් පිහිටි අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. 

ඒ, බදුල්ල පොලීසිය, යුද හමුදාව, බදුල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආපදා කළමණාකරණ ඒකකය එක්වයි. 

මෙහෙයුම සදහා පැය 8 ක පමණ කාලයක් ගතවි තිබුණා. 

අළුගොල්ල කන්දේ පිහිටි බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට අයත් භූගත පුපුරණ ද්‍රව්‍ය ගබඩාව දෙසට ගින්න පැතිර ගොස් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ගින්නෙන් විනාශ වී ඇති බවට පැවසෙන භූමි ප‍්‍රමාණය අක්කර 8 කට අධිකයි.