Sunday, September 22, 2024

General line - 0115112241

ගම්මන්පිලට සතියකට රට යන්න අවසර




පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලට විදෙස්ගතවීමට කොළඹ මහාධිකරණය අද (02) අවසර ලබාදුන්නා. 

අමෙරිකා එක්සත් ජනපදයේ ආගමික උත්සවයකට සහභාගිවීම සදහා අධිකරණය භාරයේ ඇති තම විදෙස් ගමන් බලපත‍්‍රය මුදාහරින ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටසක් නීතිවිරෝධී ලෙස විකිණීම මගින් රුපියල් මිලියන විස්සක වංචාවක් සිදුකළ බවට වූ චෝදනාව මත ගම්මන්පිල මන්තී‍්‍රවරයාගේ විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගෙන තිබෙනවා.

ඔහුගේ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව නියෝග කළේ ලබන 18 වනදා සිට 24 වනදා දක්වා බලපත‍්‍රය මුදාහරින ලෙසත් නැවත දිවයිනට පැමිණි පසු ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසත්ය.