Sunday, September 22, 2024

General line - 0115112241

කිලිනොච්චිය අඩවි වන නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණයක්




කිලිනොච්චිය අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

ඔවුන් මෙම පහර කෑමට ලක්වුයේ කල්ආරු රක්‍ෂිතයේ නීතිවිරෝධීව වැලි ගොඩ දැමීමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු සහ ට‍්‍රැක්ටර් රථයක් අත්අඩංගුවට ගෙන එමින් සිටියදීයි. 

එහිදී වෙනත් පිරිසක් විසින් මෙම අඩවි වන නිලධාරීන් දෙදෙනාට පහරදී රාජකාරියට බාධා කර සැකකරුවන් සහ ට‍්‍රැක්ටර් රථය මුදාගෙන ගොස් තිබෙනවා. 

මේ දක්වා කළ පරීක්‍ෂණවලදී පහරදීමට සම්බන්ධ පුද්ගලයෙකු සහ මුදාගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 
තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි ධර්මපුරම් පොලීසිය කියාසිටියේ.