Sunday, September 22, 2024

General line - 0115112241

ගෝල්ෆේස් පිටියට පැමිණි ගණන ඒකාබද්ධ විපක්ෂයෙන් කියයි




ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (01) පැවති මැයි දින රැළියට මිලියන 02 කට අධික ජනකායක් සහභාගී වු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා.

කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරමින් සඳහන් කළේ ගාලුමුවදොර පිටියට පැමිණි අති විශාල ජනතාව ආණ්ඩුවට ප්‍රබල පණිවුඩයක් දුන් බවයි. ඒ රටත් සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ නැති බව යනුවෙන් ද සඳහන් කළා.

මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුමද මෙලෙස කරුණු දැක්වූවා. 

එහිදී ඔහු පැවසුවේ "මේක අසීරු ඉලක්කයක් වෙයිද කියන සාධාරණ සැකය අපි තුලත් තිබුණා. එහෙත් ඉතිහාසයේ සෑමදාම කරන්නට බැහැයි කියූ අභියෝග භාර ගත් නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒ අභියෝගයත් නොබියව භාර ගත්තා..ඒ වගේම ජය ගත්තා." යනුවෙනි.