Sunday, September 22, 2024

General line - 0115112241

කටුනායකට ළඟාවෙමින් සිටි ගුවන් යානයක මගියෙක් මියයයි




සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි විදේශීය කාන්තාවක් හදිසියේ හෘදයාබාධයක් වැළදීමෙන් අද (02)  දින පස්වරුවේ ගුවන් යානය තුළම මියගොස් ඇතැයි කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ 61 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක්. ඇය තම ස්වාමිපුරුෂයා ද සමග සෞදි අරාබි ගුවන් සේවයේ එස්.වී. - 780  දරන යානයෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියේ, කටුනායක ගුවන් තොටුපළේ සිට වෙනත් ගුවන් යානයකින් ඉන්දුනීසියාව බලා යෑමටයි.

එහෙත් මෙම කාන්තාව අදාළ යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට පෙර, හදිසියේ හෘදයාබාධයක් වැලදීමෙන් එම ගුවන් යානය තුළම මියගොස් තිබුණා . පසුව මෙම ගුවන් යානය පස්වරු 3.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා .

මේ වනවිට මෙම මෘත දේහය මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් සිදු කරනවා.

මෙම මළ සිරුර පිළිබඳ සියලු ඉදිරි පියවරයන් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි මහ කොමසාරිස් කාර්යාලයේ උපදෙස් මත සිදු කිරීමට නියමිත බවයි කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.