Sunday, September 22, 2024

General line - 0115112241

මැයි දිනයේ ලංගම ලැබූ ලාභය හෙළි කරයි




ලෝක කම්කරු දිනයේදී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 83 ක ආදායමක් උපයා තිබෙනවා.

එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ දේශපාලන පක්ෂ සඳහා බස් රථ හාරදහසක් ලබා දිමෙන් පමණක් රුපියල් මිලියන 58.6ක ආදායමක් ඉපැයූ බවයි.

එදින සාමාන්‍ය ධාවන කටයුතුවලින් ද සැළකිය යුතු ආදායමක් උපයා ගත හැකි වූ බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන ප‍්‍රකාශ කළේ. 

සාමාන්‍යයෙන් රජයේ නිවාඩු දිනයකදී හෝ ඉරිදා දිනයකදී සිය දෛනික ආදායම වන්නේ රුපියල් මිලියන 68 වැනි අගයක් බවත් මෙවර එය සුවිශේෂි ලෙස වැඩි වූ බවද සඳහන් කෙරුණා.

මැයි දින පෙළපාළි සඳහා මෙවර ලබා දුන් බස් රථ ප‍්‍රමාණය මෙන්ම ඒ සඳහා අය කෙරුණු ගාස්තු ද සංශෝධනය කළ බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව මෙම ආදායම වැඩි වූ බවද සඳහන් කෙරුණා.