Sunday, December 22, 2024

General line - 0115112241

සිරිකොත අලියට වෙඩි තැබූ කොස්තාපල්ගේ අරමුණ හෙළි වෙයි




ජාත්‍යන්තර කම්කරු දිනයේදි පොලිස් දෙපාර්තමේන්තුවට ද ප‍්‍රසිද්ධියක් ලබා දි කිසියම් වෙනසක් සිදු කිරීමේ අරමුණින් තමන් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇති අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පොලිස් කොස්තාපල්වරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඊයේ (02) පස්වරුවේ ඔහු ගංගොඩවිල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

සැකකාර කොස්තාපල්වරයා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මෙහිදි නියෝග කෙරුණේ.

රටේ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවත් නව ව්‍යවස්ථාවක් තමන් විසින් පොතක සටහන් කර ඇති බවත් අදාළ පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබුණා.

ශ‍්‍රී ලංකා ජාතික ධජයෙන් වැදි ජනතාව නියෝජනය නොවන බවත් එම නිසා එය සංශෝධනය කළ යුතු බවත් ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.