Sunday, September 22, 2024

General line - 0115112241

ගීතා ඊළඟ අවස්ථාව ගන්න සූදානම් (UPDATE)




තම මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ පවසනවා.

අභියාචනාධිකරණය ලබා දුන් තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව කියා සිටියා. 

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ "කාන්තාවක් හැටියට මේක ලොකු අසාධාරණයක්. මම පාර්ලිමේන්තු ආවේ පිරිසිදු ඡන්දවලින්. මම මේ නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතකොට මගේ මන්ත්‍රි ධූරය අහෝසි කරන්න බැහැ.. ඒ නඩු තීන්දුව ඉවර වෙනකම්. මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ..කලබල නොවී බලාසිටින ලෙසයි. මට තව අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් මම ආණ්ඩුවට එකතු වුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ." යනුවෙනි.

------------------------------------

ගීතාට මන්ත්‍රිකම නුසුදුසුයි - අභියාචනාධිකරණය තීරණය කරයි

(03-05-2017 10:14)

 

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බව අභියාචනාධිකරණය රිට් ආඥාවක් මගින් අද (03) ප‍්‍රකාශ කළා.

ඒ, ඇයගේ මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් පස් දෙනෙකු විසින් ගොනු  කර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේ ගිතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියට ස්විට්සර්ලන්තයේ සහ ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි බැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඇයට මන්ත‍්‍රීවරියක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බවයි.