Sunday, September 22, 2024

General line - 0115112241

"ශ්‍රී ලංකාවට පළා ආ මියන්මාර මුස්ලිම් ජාතිකයින් ගැන තොරතුරු සොයයි




මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින මියන්මාර මුස්ලිම් ජාතිකයන් තිස් දෙනා සම්බන්ධයෙන් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය වෙත කරුණු වාර්තා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මේ වන විට ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු එක් රැස් කරගනිමින් සිටින බවයි.

මෙවැනි සිද්ධියක් වාර්තා වූ පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේන්ද ඊට උපදෙස් ලබා ගනු ඇති.   

යාපනය කන්කසන්තුරය මුහුදු සීමාවේදි අත්අඩංගුවට ගත් මෙම මියන්මාර ජාතිකයන් තිස් දෙනා අධිකරණ නියෝග මත ඊයේ (02) මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.

නීතිපති උපදෙස් ලැබෙන තුරු මොවුන් ලබන 16 වැනිදා දක්වා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසයි යාපනය මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

කෙසේ වෙතත් සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ උපදෙස් ලැබෙන තුරු ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප‍්‍රකාශයක් සිදු කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.