Sunday, December 22, 2024

General line - 0115112241

ගීතා දිවුරුම් දුන් දිනයේ සිට රජය දැරූ වියදම් ආපසු ගෙවන්න වෙයි




ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බව අභියාචනාධිකරණය රිට් ආඥාවක් මගින් අද (03) ප‍්‍රකාශ කරමින් සඳහන් කළේ ගීතා කුමාරසිංහ මන්ත‍්‍රිවරියට ස්විට්සර්ලන්තයේ සහ ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි බැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඇයට මන්ත‍්‍රීවරියක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බවයි.

මේ වන තෙක් ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය සහිතව කටයුතු කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඉකුත් 2015 වසරේ අගෝස්තු මාසයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් වාර්තා අනුව ඇයට ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය පවතින බවයි ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේ. 

මේ අතර, ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියක් ලෙස දිවුරුම් දුන් දිනයේ සිට ඇය වෙනුවෙන් දැරූ සියලූ වියදම් යළි අය කරගන්නැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.