Sunday, September 22, 2024

General line - 0115112241

උඩුවේ හිමිට තර්ජනය කළ පුද්ගලයා අල්ලයි




අධිකරණ භූමිය තුලදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට බැණ තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් පස්වැනිදා සැකකරු මෙලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේදී ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණි අවස්ථාවේ අදාළ පුද්ගලයා දැක ඒ පිළිබඳ පොලිස් නිලධාරින් දැනුවත් කර තිබෙනවා. ඉන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැණුනා.