පොලිස් නිලධාරීන්ට සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට බලය ඇති බව ප්‍රකාශ කරමින් දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයද නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, හක්මණ පොලීසිය මගින් ගොනුකර තිබූ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
අදාළ නඩුවේ විත්තිකරු විරෝධතාවක් මතුකරමින් ප්‍රකාශ කර ඇත්තේ පොලීසියට සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරිය නොහැකි බවටයි.
එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් දෙයියන්දර මහේස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඉකුත් අපේ‍්‍රල් මස 27 වනදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය පළමුවරට මේ පිළිබද ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.