Sunday, September 22, 2024

General line - 0115112241

රුපියල් කෝටියකට අධික විදෙස් මුදල් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට (PHOTO)




විදෙස් මුදල් තොගයක් දිවයිනෙන් බැහැරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපළේදී අද (03) අත්අඩංගුවට ගැණුනා. 

ගුවන් තොටුපළ රේගු නිලධාරීන් කල පරීක්ෂාවකදී සැකකරුගේ ගමන් මල්ලේ තිබී මෙම විදෙස් මුදල් තොගය සොයා ගනු ලැබුවා. 

ඒවායේ වටිනාකම රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂයක්. 

යූරෝ, අමෙරිකානු ඩොලර් සහ සවුදි රියාල් ද විදෙස් මුදල් අතර වන බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. 

සැකකරු මෙම විදෙස් මුදල් තොගය සිංගප්පූරුව බලා රැගෙන යාමට තැත් කර තිබුණා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර අකුරණ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. 

ඔහුගෙන් ගුවන් තොවටුපළ රේගුව තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.