Sunday, September 22, 2024

General line - 0115112241

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 7 ක් නාවික හමුදා අත්අඩංගුවට (PHOTOS)




නීතිවිරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ශී‍්‍ර ලාංකික ධීවරයන් හත්දෙනෙකු මන්නාරම, සවුත්බාර් මුහුදු ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි. 

පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් මැරීමේ චෝදනාව යටතේ මෙම ධීවරයන් පිරිස අත්අඩංගුවට ගැණුනා. 

ඔවුන් සතුව තිබී ඩිංගි යාත‍්‍රා දෙකක්, තහනම් දැල් 4 ක්, මාලූ කිලෝග‍්‍රෑම් දෙදහස් දෙසිය දහයක් වැටලීම සිදුකළ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.