Sunday, September 22, 2024

General line - 0115112241

 නාමල් රාජපක්‍ෂ ඇතුළු පස් දෙනෙකුට නොතීසි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ ඇතුළු පස් දෙනෙකුට ජූනි මස 6 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (03) නියෝගයක් නිකුත් කළා. 

ඒ, ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගණුදෙණුවකදී රුපියල්  මිලියන 30 ක මුදලක් විශුද්ධීකරණය කිරීමේ චෝදනාවකට අදාළව ගොණුකර ඇති නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදීයි. 

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මෙම නියෝගය නිකුත් කළා.