Sunday, September 22, 2024

General line - 0115112241

සජින් වාස්ගේ විදේශ ගමන් තහනම ඉවතට




හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (03) නියෝග කළා. 

ඒ, ඔහු අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

අධිකරණය මගින් සජින් වාස් ගුණවර්ධනගේ විදේශ ගමන් තහනම් කර තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොණුකර තිබූ නඩුවකට අදාළවයි. 

මිහින් ලංකා ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ එම සමාගමට රුපියල් මිලියන 883 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොණුකර තිබුණා.