Sunday, September 22, 2024

General line - 0115112241

රක්නා ලංකා තවදුරටත් පවත්වාගෙන යාමට ජනපතිගේ අවධානය

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ආරක්‍ෂක අමාත්‍ය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පැවැත්වුණා. 

ඒ, ආරක්‍ෂක අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදියි. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය භට බලකාය, ජාතික ආරක්‍ෂණ අධ්‍යාපන ආයතනය ඇතුළු ආයතන ගණනාවක කි‍්‍රයාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා. 

සාලාව යුද හමුදා කදවුරේ සිදුවූ පිපිරීමෙන් හානිවූ පාර්ශවයන්ට වන්දි ගෙවීමේ කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

පැලවත්ත, අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකෙරෙන යුද හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් පිළිබදවද මෙහිදී සාකච්ඡා වූ අතර එය ලබන වසරේ විවෘත කිරීමට හැකියාව පවතින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

සාලාව, සාමසරකන්ද, මීතොටමුල්ල වැනි ආපදාවලදී මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහ සහන කටයුතුවල නිරත වූ ආරක්‍ෂක අංශ සාමාජිකයින් ඇගයීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටද මෙහිදී යෝජනා කෙරුණා.

මේ අතර ඈවර කිරීමට තීරණය කර ඇති රක්නා ලංකා ආයතනය එහි සේවය කරන විශ‍්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා තවදුරටත් ඉදිරියට පත්වාගෙනයාම පිළිබද යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ආරක්‍ෂක අමාත්‍ය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. 