Sunday, September 22, 2024

General line - 0115112241

බැසිල්ට ගම්පහ මහාධිකරණයෙන් අධි චෝදනා




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂහට ගම්පහ මහාධිකරණය විසින් අද (03) අධිචෝදනා භාරදෙනු ලැබුවා. 

දොම්පේ, මල්වාන ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් මිළදී ගෙන රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. 

ඒ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයි. ඊට අදාළව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා ගොණුකර තිබුණා.

මේ අතර දොම්පේ, මල්වාන ප‍්‍රදේශයේ ඉඩම සම්බන්ධයෙන් පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවකට අදාළවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට සහ තිරුකුමාරන් නඬේෂන් යන අය අද පෙර ඇප මත මුදා හැරුණා. 

හිටපු අමාත්‍යවරයාහට රුපියල් ලක්‍ෂයක මුදලක් සහ  රුපියල් ලක්‍ෂ විස්සක ශරීර ඇප දෙකක් නියම කෙරුණා. 

තිරුකුමාරන් නඬේෂන් හට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්‍ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ.  

මෙම නඩුව ජූලි 27 වනදා යළි කැදවීමට නියමිතයි.