තම රාජකාරී ගිනි අවියට හානි කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැණුනු කොස්ගොඩ පොලීසියේ කොස්තාපල්වරයා මේ මස 17 වනදා දක්වා අද (03) රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
අම්බන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා ලබාදුන් දඩුවමකට විරෝධය පළ කරමින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරී ගිනි අවිය පොළවේ ගසා හානි කර තිබුණේ ඉකුත් 29 වනදායි.