Sunday, September 22, 2024

General line - 0115112241

වියළි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලූම ඉහළට 




පවතින වියළි කාලගුණය හේතුවෙන් දහවල් කාලයේ විදුලි ඉල්ලූම සියයට 18 කින් ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය පවසනවා. 

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ විදුලිය ලබාදීමට අධික මුදලක් වැය වුවත් එම වියදම් රජය විසින් දරා ගන්නා බවයි.

විදුලිය පිරිමැසීම සදහා වැඩසටහන් කි‍්‍රයාත්මක කළද ඊට ජනතාවගෙන් ලැබෙන සහාය අඩු බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.