Sunday, September 22, 2024

General line - 0115112241

2017 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවේ




2017 සාමාන්‍ය පෙල විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අද ආරම්භ කල බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 31 වැනිදා දක්වා ඒ සදහා අයදුම්පත් භාර ගන්නා බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

පාසල් අයදුම්කරුවන් සදහා වන අයදුම්පත් විදුහල්පතිවරුන් වෙත යවා තිබෙනවා. 

පෞද්ගලික අයදුම්කරුවන් සදහා අයදුම්පතේ ආකෘතියක් අද පුවත්පත්වල පල කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ. 

පාසල් අයදුම්කරුවන්  අදාළ අයදුම්පත් විදුහල්පතිවරයා මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වනවා. 

පෞද්ගලික අයදුම්කරුවන් අයදුම්පත් යොමු කළ යුත්තේ ලියාපදිංචි තැපෑලෙන්. 

පැරණි සහ නව නිර්දේශ යටතේ වෙන වෙනම 2017 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. ඒ දෙසැම්බර් 12 වැනි දා සිට 21 වැනි දා දක්වායි.