Sunday, September 22, 2024

General line - 0115112241

අපි දෙන්නම ගිහින් එකට බලමු




පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඊයේ ලබා දුන් තීන්දුව තමන් වෙත තවමත් නිළ වශයෙන් දැනුම් දී නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී අද ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

අභියාචනාධිකරණ තීන්දුවේ සදහන් වන්නේ ද්විත්ව පුරවැසිභාවයක් උසුලන බැවින්, ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයකට නුසුදුසු බවය.

කෙසේ වෙතත් ඇය අද දිනයේත් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. නලීන් බණ්ඩාර මන්ත‍්‍රීවරයා ඉහත ප‍්‍රශ්නය විමසා සිටියේ ඒ බව පාදක කර ගනිමිනි. 

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රශ්න විමසන අවස්ථාවේ අතුරු ප‍්‍රශ්නයක් විමසා සිටීමට ද ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියට අද අවස්ථාව ලැබුණි. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ඇසූ ප‍්‍රශ්නයකට අදාළවය.

එහිදී ඇය විමසුවේ ගල්ල අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩකටයුතු වන්නේ කෙසේද යනුවෙනි.ඊට පිලිතුරු දුන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉතාම හොඳින් බෙලිඅත්ත දක්වා අධිවේගි මාර්ගය ඉදිවන බවත් අපි දෙන්නම ගිහින් එකට බලමු ලෙසත්ය.එහිදී ජොන් අමරතුංග අමාත්‍යවරයා ‘‘අපට නැතුව‘‘ යැයි කියමින් සිනාසෙනුද දැකගත හැකිවිය.

ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ ලබා දුන් තීන්දුවට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් ද පාර්ලිමේන්තුවේ දී අද අදහස් පළ කලේය 

එහිදී ඔහු ප්‍රකාශ කළේ ගීතා කුමරසිංහට එක් නීතියකුත්,ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තවත් නීතියකුත්, රාජපක්ෂ කණ්ඩායමට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නය.ආණ්ඩුවේ සිටින ඇමැතිවරයෙකුටද ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයක් ඇති බව ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළ බවත් එසේ නම් ඔහු කවුරුන්ද ලෙසත් ඔහු එහිදී විමසා සිටියහ.