Sunday, September 22, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය වෙයි




ආසියාවේ විශිෂ්ඨතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයට පාත‍්‍ර වී තිබෙනවා. 

ඒ තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේදීයි. 

ඉකුත් මාස කිහිපයේදී මෙවැනි තවත් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ගැනීමට ද ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සමත් වුණා. 

ඉන්දියානු සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ලෝකයේ ප‍්‍රමුඛතම ගුවන් සේවය ලෙස ලෝක සංචාරක සම්මාන උළෙලේදී දිනා ගත් සම්මානය ඒවායින් එකක්. 

චීනයේ ප‍්‍රමුඛ සංචාරක සම්මාන උළෙලෙක දී දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස ද ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයට පාත‍්‍ර වුණා.