Sunday, September 22, 2024

General line - 0115112241

GMOA සභාපති එරෙහිව අභියාචනාධිකරණයේදී නඩු




අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව අභියාචනාධිකරණයේදී අද නඩුවක් ගොනු කෙරුණා.

 ඒ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ විසින්. 

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව නින්දිත ලෙස විවේචනය කිරීමෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාස කර ඇතැයි මෙම නඩුවෙන් ප‍්‍රකාශකර තිබෙනවා. 

ඒ අනූව ඔහුට සුදුසු දඩුවම් ලබා දෙන ලෙසයි පැමිණිලිකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් මස 07 වැනිදා කළ වැඩවර්ජනය නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුව කොළඹ දිසා අධිකරණයේ දී අද නැවත කැදවනු ලැබුවා. 

මෙම නඩුව ලබන ජූනි මස 01 වැනිදා දක්වා කල් තැබීමටයි එහි දී නියෝග කෙරුණේ. 

විරෝධතා ඇත්නම් ඊට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණා. 

නඩුව ගොනුකර ඇත්තේ ඇතුල්කෝට්ටේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මාලඹේ සයිටම්  ආයතනයට එරෙහිව අදාල වැඩවර්ජනය ද කැදවා තිබුණා.