Sunday, September 22, 2024

General line - 0115112241

 බක්කුල මහා සෑය බුබ්බුලාකාර හැඩයෙන් 




හොරණ දික්හේනපුර සීලසුවඅරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදි කෙරෙන බක්කුල මහා සෑය බුබ්බුලාකාර හැඩයෙන් නිම වන බව එම මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් පවසනවා. 

එහි සෙසු විශේෂතා පිළිබඳව ද උන්වහන්සේ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා. 

චෛත්‍ය නිර්මාණ සඳහා යොදා ගැණෙන විවිධ හැඩයන් පිළිබඳ නෙත් නිවුස් වැඩිදුර විමසීමක් කළා. 

මේ කොළඹ මාළිගාකන්ද විද්‍යෝද්‍ය පිරිවෙනේ ආචාර්ය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය ගයාන් චානුක විදානපතිරණ. 

බුබ්බුලාකාර යනු දිය බුබුලක හැඩයෙන් නිම වන චෛත්‍ය බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් ද නිමවා ඇත්තේ බුබ්බුලාකාර හැඩයෙන්. 

මේ අතර බක්කුල මහා සෑයේ ඉදිකිරීම් එළඹෙන වෙසක් පුන් පොහෝ දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි. නෙත් එෆ් එම් රේඩියෝව ඊට දායකත්වය ලබා දෙනවා.