Sunday, September 22, 2024

General line - 0115112241

 බැසිල් අමෙරිකානු පුරවැසිභාවය  අත්නොහරී 




තමන් සතු  අමෙරිකානු පුරවැසිභාවය කිසිසේත් අත්නොහරින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ බී බී සී ලෝක සේවය සමග ඊයේ කළ සංවාදයකදීයි. 

ද්විත්ව පුරවැසිභාවය සහිතව මන්තී්‍ර ධුරය හොබවන පිරිස් ලොව ඕනෑ තරම් සිටින බවද බැසිල් රාජපක‍ෂ හිටපු මන්ත්‍රීවරයා  මෙහිදි කියාසිටියා. 

මෙම ප්‍රශ්න කිරීම සිදුවුණේ ද්විත්ව පුරවැසිභාවයක් දැරීම හේතුවෙන් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරයකට නුසුදුසු බව අභියාචනාධිකරණය ඉකුත්දා ලබාදුන් තීන්දුවද පාදක කර ගනිමින්.